
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔත්තු බැලීමේ චෝදනා මත ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය විසින් යුරෝපීය රටක පුරවැසියකු රඳවාගෙන සිටින බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
පුද්ගලයාගේ අනන්‍යතාව නිශ්චිතව අනාවරණය කර නොමැති නමුත්, ඔහු සංචාරකයකු ලෙස පෙනීසිටි බවත්, අත්අඩංගුවට ගෙන ඇත්තේ බටහිර ඉරානයේ හමාදාන් නගරයේ දී බවත් බලධාරීහු පවසති.
ඉරාන ජනමාධ්‍ය වාර්තා අනුව රඳවාගෙන සිටින පුද්ගලයා රට තුළ ඔත්තුකරුවන්ගේ ජාලයක් පිහිටුවීමට උත්සාහ කළ බවට චෝදනාවට ලක්ව සිටියි.
ඊශ්‍රායලය සමග පවතින ගැටුම් උත්සන්න වීමෙන් පසුව, ඉරානය ඔත්තු බැලීමේ සැකය මත විදේශීය ජාතිකයන් කිහිප දෙනෙකු රඳවා තබාගෙන සිටියි.
මීට අමතරව, ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා සහාය පළකළ ඉරාන රජය විවේචනය කරන්න පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇත.
එබැවින් ඉරානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් බටහිර සහ යුරෝපා රටවල් කිහිපයක්ම සිය පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart