
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය සහ ඊශ්‍රායලය අතර උග්රවන යුද ගැටුම් හේතුවෙන් මෙරට මර්මස්ථානවල ආරක්ෂාව තර කර ඇති බවත් සියලුම සංචාරකයන් සහ පුරවැසියන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
Daily Mirror පුවත්පත වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, රට තුළ සිටින සියලුම සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාත්මක බවයි.
විශේෂයෙන් මෙරට සිටින ඊශ්‍රායල් ජාතිකයින්ට ආරක්ෂාව සපයා ඇති බව ද අමාත්‍යවරයා පවසා තිබේ.
රට පුරා සාමය සහ ස්ථාවරත්වය පවත්වාගැනීමට සහ මෙම කාලය තුළ පුරවැසියන් සහ විදේශිකයන් යන දෙඅංශයෙන්ම ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ද ඔහු තහවුරු කර ඇත.
අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඉරාන සහ ඊශ්‍රායල සංචාරකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින බවත්, ඔවුන්ගේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවත්ය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි 18 දක්වා කාලය තුළ ඊශ්‍රායලයේ සංචාරකයන් 10,899ක් මෙරටට පැමිණ ඇති අතර, වසරේ මුල් මාස පහ තුළ ඉරානයෙන් සංචාරකයන් 5,782 ක් පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart