June 24, 2025

කඩවත නගර මධ්‍යයේ පිහිටි පූජා භාණ්ඩ සහ රෙදිපිළි අලෙවි සැලක ඊයේ (23) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සේවා රථ යොදා ගින්න පාලනය කළ බවයි.

ගින්න හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල විය.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලිසිය සඳහන් කළේ ය.

ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.