
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදිවලට එරෙහිව සටන් කිරීම සඳහා තමා සිතේ තබාගෙන සිටි ‘යුක්තිය’ නම් වැඩසටහන පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තමා පැහැදිලි කළ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කරන කොමිසමට පැවසීය.
“සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදිවලට එරෙහිව සටන් කිරීම සඳහා මගේ සිතේ ඇති සැලසුම් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මගෙන් විමසුවා. එතැනදී, මගේ සැලසුම් පිළිබඳව මම ඔහුට විස්තර කළා. එවකට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාත් එම අවස්ථාවේ එහි සිටියා” තෙන්නකෝන් සඳහන් කළේය.
මෙම සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් තමා පොලිස්පතිවරයා ලෙස නම් කරන ලද බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක තනතුර මාසික වැටුපකට රුපියල් 250,000 කට පිරිනැමූ බව ද තෙන්නකෝන් එහිදී හෙළිකළේය. කෙසේවෙතත් තමා එම දීමනාව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කළේය.
“මට වැටුප් දෙකක් ලබා ගැනීමට අවශ්‍ය වුණේ නෑ. එමනිසා මම එය ප්‍රතික්ෂේප කළා” ඔහු ඒ සම්බන්ධයෙන් පැවැසීය.
කෙසේවෙතත්, රැකියාව ලබාදීමට පෙර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ යම් කාලයක් සේවය කළ බව තෙන්නකෝන් සඳහන් කළේය.
තවද, හම්බන්තොට නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා හැර කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් කිසිවෙකු තමා කෙරෙහි වරදක් සඳහන් කර නොමැති බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart