
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝගීන් වෙත වෛද්‍ය උපකරණ වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකාවක නොවන බව එම සංගමය පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් පළකරමින් එහි ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියාසිටියේ, පොලිසිය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් සිදුකරන පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත්වීමට සූදානම් නොමැති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවැනි වැරදි ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයන් ආරක්ෂා නොකරන බව පැවසූ ඔහු පෙන්වාදුන්නේ, මෙවැනි සිදුවීම් රාජ්‍ය සෞඛ්‍ය සේවාවට අහිතකර ලෙස බලපාන බවයි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුවන මෙවැනි වැරදි වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග නිර්දේශ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද වෛද්‍ය චමිල් විජේසිංහ පැවැසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart