June 22, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ තම කාර්ය මණ්ඩලයට අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවට නීතිපති පාරින්ද රණසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පැමිණිලි කිරීමෙන් පසුවය.

විශේෂයෙන් ඉලක්ක කර ඇත්තේ උසස්වීම් අපේක්ෂාවෙන් සිටින ජ්‍යෙෂ්ඨ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව ආරංචි මාර්ග පවසයි.

තමිල් මක්කල් විදුතලෙයි පුලිගල් (TMVP) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් අයදුම්පත විභාගයට ගත් විට ඔහුට ඇප ලබා දීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට චෝදනා එල්ල විය.

මූලික අයිතිවාසිකම් නඩුව විභාග කිරීමේදී, ඇප ලබා දීමේ කාරණය පවා සළකා නොගත් බව ආරංචි මාර්ග පවසයි.

තවත් චෝදනාවක් වූයේ, වැඩ තහනම් කරන ලද පොලිස් ප්‍රධානී දේශබන්දු තෙන්නකෝන්ට අදාළ නඩුවකදී, ජ්‍යෙෂ්ඨ නිලධාරියකු දෙපාර්තමේන්තුව නියෝජනය කිරීම වැළැක්වීම සහ ඒ වෙනුවට කනිෂ්ඨ නිලධාරියකු යැවීමයි.

කෙසේවෙතත්, එම දිනයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරියා අසනීප වූ බව ආරංචි මාර්ග පැවසීය.

මෙම චෝදනා මතුවන්නේ, මේ වසරේ මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණවල නව අධිචෝදනා 600කට අධික සංඛ්‍යාවක් ගොනු කර සහ අල්ලස් කොමිසම අල්ලස් හා දූෂණ නඩු කිහිපයක් නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති පසුබිමකය.