
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය ඉරිදා අලුයම එහි න්‍යෂ්ටික ස්ථාන තුනකට අමෙරිකාව ප්‍රහාර එල්ල කළ තහවුරු කර තිබේ.
කෙසේවෙතත් ඉරානය අමෙරිකානු ප්‍රහාරවලින් සිදු වූ හානියේ තරම පැහැදිලි කර නොමැත.
ටෙහෙරානයේ ඒජන්සිය කියාසිටියේ එහි න්‍යෂ්ටික ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.
එක්සත් ජනපද හමුදාව අද අලුයම ඉරානයේ ෆෝඩෝ, ඉස්ෆහාන් සහ නටාන්ස් පරමාණුක ස්ථානවලට ප්‍රහාර එල්ල කර තිබිණි.
“ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය සිය සතුරන්ගේ නපුරු කුමන්ත්‍රණ නොතකා, රටේ දහස් ගණනක් විප්ලවීය හා අභිප්‍රේරිත විද්‍යාඥයින් සහ විශේෂඥයින්ගේ උත්සාහයෙන්, න්‍යෂ්ටික දිවි පිදූවන්ගේ රුධිරයේ ප්‍රතිපලයක් වන මෙම ජාතික කර්මාන්තයේ දියුණුව නැවැත්වීමට ඉඩනොදෙන බවට ශ්‍රේෂ්ඨ ඉරාන ජාතියට සහතික වේ,” නිවේදනයක් නිකුත් කරමින් ඉරානය පවසයි.
ඉරාන ජනමාධ්‍ය අනුව, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමඟ පැවැති දුරකථන ඇමතුමකදී ඉරාන ජනාධිපති Masoud Pezeshkian ද තම රටට එල්ල වූ සියොන්වාදී පාලනයේ අඛණ්ඩ ආක්රමණවලට ප්‍රතිචාරය වඩාත් විනාශකාරී වනු ඇතැයි අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart