
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය කරුණු පිළිබඳ යුද්ධ හමුදාව කරුණු පැහැදිළි කිරීමක් කර තිබේ.
මෑත කාලයක පටන් යුද්ධ හමුදාව විසින් ගන්නා ලබන පරිපාලනමය තීන්දු තීරණ හා ක්‍රමවේදයන් වැරදි ලෙස අර්ථ දක්වමින් සිවිල් සමාජය තුල යුද්ධ හමුදාව අපකීර්තියට ලක්කිරීම සඳහා යම් යම් මාධ්‍ය, විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කරන බව පෙනී යන හෙයින් ඒ පිලිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත ලබාදීම සුදුසු බවට අදහස් කල බැවින් මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකිරීමට අදහස් කල බව යුද්ධ හමුදාව පවසයි.
ඒ අනුව හමුදාව පවසන්නේ පසුගිය දිනක සමාජ මාධ්‍ය කිහිපයක් විසින් යුද්ධ හමුදාව මගින් කූඨ ලියකියවිලි සාදා සේනාධිනායක වන අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කිහිපදෙනෙකු යුද්ධ හමුදාවෙන් ඉවත්කර ඇති බවත්, තවත් නිලධාරීන් ගණනාවක් පෞද්ගලික කෝන්තර මත යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනා බවත් ප්‍රකාශ කර ඇති බවයි.
මෙසේ කර ඇති ප්‍රකාශයන් තුලින් ගම්‍ය වන්නේ ඔවුන් හට යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු සබැඳිව නිසි අවබෝධයක් නොමැති බවත්, විවිධ පාර්ශව විසින් තමන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා ඔවුන් වෙත ලබාදී ඇති තොරතුරු වගකීම් විරහිතව සමාජගත කරමින් සිටිනා බව යැයි හමුදාව පවසයි.
කෙසේ නමුදු ආරක්ෂක කරුණු හේතුවෙන් යුද්ධ හමුදාවේ සිදුවන සෑම කටයුත්තක්ම සමාජයට අනාවරණය කල නොහැකි නමුදු මෙම මතුකර ඇති කරුණ හේතුවෙන් යුද්ධ හමුදාව පෞද්ගලික න්‍යායපත්‍රයන් හා පලිගැනීම් මත ක්‍රියාකරන ආයතනයක් බවට මහජනතාව තුල වැරදි සිතුවිලි ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිලිබඳව පමණක් කරුණු ප්‍රකාශ කිරීමට අදහස් කරන බව ද හමුදාව පවසා තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart