
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.
ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදුකරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය.
ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළිදැක්වීමද මෙහිදී සිදුකෙරිණි.
ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව පැවැති තරගාවලියෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණ.
අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක් කෙතරම් භෞතිකව දියුණු කළද ඵලක් නොමැති බවත්, ආචාරධාර්මික හා අධ්‍යාත්මික ගුණයෙන් යුතු පුරවැසියන් මඟින් රටක සංස්කෘතික සමාජය ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළේය.
මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජය ගොඩගැනීම වෙනුවෙන් අධ්‍යාත්මික ජීවය ලබාදීමට ජාතක කතා පොත හා බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් පදනමක් සපයන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පාලකයා ජනතාවට ආදරය කරනවා මෙන්ම ජනතාවට වගවීමක් ඇතිකිරිමට බුදු දහම තුළින් මග පෙන්වා තිබෙන බවත්, එම අගනා සංස්කෘතික දායදයන්හි, අක්මුල් අද සමාජයෙන් බැහැර වී තිබෙන බැවින් නැවතත්, එම පැරැණි සංස්කෘතික අක්මුල් කැටුව එමින් අධ්‍යාත්මික ජීවයක් ඇති සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කරන ලදී.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියහොත් පෙරහැර නතර කර දමන බවට ඇතැමුන් ප්‍රකාශ කළද, සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ වත්මන් රජයේ වැඩපිළිවෙළ අද ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුන්නේය.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළාස්මස්ථානාධිපති මහනුවර ගෙඩිගේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි ස්වාමීන් වහන්සේ මෙහි මුලසුන අනුශාසනාව සිදුකළහ.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි ස්වාමීන් වහන්සේ, ඇත්කඳ රජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ සද්ධර්මකීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ස්වමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart