
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 ලෝක කාන්තා දිනයේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රතිඥාව පරිදි ජාතික ජන බලවේග රජය ශ්‍රී ලංකා දුම්රිය සේවය තුළ විවිධ තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණ ද කාන්තාවන්ට ‘දුම්රිය ස්ථානාධිපති’ තනතුර සඳහා අයදුම් කිරීමට තවමත් අවසර හිමිවී නැත.
මෙම තනතුරේ පුරප්පාඩු 106ක් පිරවීම සඳහා මෑතකදී අයදුම්පත් කැඳවීමේදී පැහැදිලිවම සඳහන් වූයේ පිරිමි අපේක්ෂකයන් පමණක් සුදුසුකම් ලබන බවයි.
1858 දී දුම්රිය දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු, කිසිදු කාන්තාවක් දුම්රිය ස්ථානාධිපති තනතුර දරා නැත.
රියදුරන් සහ ආරක්ෂකයන් වැනි අදාළ තනතුරු සමඟ මෙම භූමිකාව ද සාම්ප්‍රදායිකව පුරුෂ ආධිපත්‍යයට නැතුව තිබේ.
දුම්රිය ස්ථානවල ආරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
ඔවුන් දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය කළමනාකරණය කරන අතර දුම්රිය චලනයන් අධීක්ෂණය කිරීම සහ දුම්රිය සේවා සුමටව ක්‍රියාත්මක වීම සහතික කරයි.
කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා අයදුම්පත් කැඳවන මෑත කාලීන ගැසට් නිවේදනයකින් කාන්තාවන් අයදුම් කිරීමෙන් නිසැකවම බැහැර කර ඇත.
නීති විශේෂඥයන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ක්‍රියාකාරීන් සහ කාන්තාවන් බොහෝ දෙනෙක් එවැනි අවස්ථාවන් බලාපොරොත්තුවෙන් සිටිති.
ඔවුන් මෙම දැන්වීම හෙළාදුටුවේ වෙනස් කොට සැළකීමක් සහ යල් පැන ගිය එකක් ලෙස සළකමිනි.
රාජ්‍ය අංශයේ බඳවා ගැනීම්වලදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා නිරන්තර ඉල්ලීම් තිබියදීත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදනය මගින් දශක ගණනාවක් තිස්සේ කාන්තාවන්ට මෙම භූමිකාව තහනම් කිරීමේ පුරුද්ද නැවත තහවුරු කර ඇත.
මෙම තීරණය පැමිණෙන්නේ වැඩි වැඩියෙන් කාන්තාවන් උසස් අධ්‍යාපනය හදාරන සහ තරඟකාරී විභාගවල විශිෂ්ටත්වය ලබා ගන්නා කාලයකය.
එහෙත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැනි ක්ෂේත්‍ර පාදක භූමිකාවන් සහිත රාජ්‍ය සේවා තනතුරු කිහිපයක් මුල් බැසගත් ආයතනික සහ යටිතල පහසුකම් සීමාවන් හේතුවෙන් කාන්තාවන්ට බොහෝ දුරට ප්‍රවේශ විය නොහැකි මට්ටමක පවතී.
ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් පවසා තිබුණේ කාන්තාවන්ගේ වර්ධනය වන අධ්‍යයන හා වෘත්තීය සාර්ථකත්වය මත බඳවා ගැනීමේ පිළිවෙත් නවීකරණය කිරීමට වැඩි පීඩනයක් එල්ල වී තිබෙන බවයි.
කාන්තාවන් බඳවා ගැනීමට මූලික විරෝධයක් නොමැති වුවද මූලික යටිතල පහසුකම් නොමැතිකම ප්‍රධාන බාධාවක් ලෙස පවතින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.
“බොහෝ රටවල කාන්තාවන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කරනවා,නමුත් ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් ග්‍රාමීය දුම්රිය ස්ථානවල, නවාතැන්, වැසිකිළි සහ නාන කාමර වැනි ප්‍රමාණවත් පහසුකම් නැහැ. කාන්තාවන් මෙතෙක් සළකා නොබැලීමට සැබෑ හේතුව එයයි.” සෝමරත්න පැවසීය.
මෙම ගැටළුව නිපුණතාව පිළිබඳ නොව, කාන්තාවන් සඳහා ආරක්ෂිත සහ ගෞරවනීය වැඩ පරිසරයක් සහතික කිරීමට රාජ්‍යය අසමත් වීම බව ඔහු අවධාරණය කළේය.
“අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන පහසුකම් අපට සැපයිය හැකි නම්, කාන්තාවන් මෙම තනතුර නොදැරීමට කිසිදු හේතුවක් නැත,” ඔහු තවදුරටත් පැවසීය.
මෙම බැහැර කිරීම නීතිමය දෘෂ්ටි කෝණය අනුව බරපතළ ව්‍යවස්ථාමය ගැටළු මතුකර තිබේ.
ජ්‍යෙෂ්ඨ ව්‍යවස්ථා නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම අදාළ ගැසට් නිවේදනය විස්තර කළේ නීතිය ඉදිරියේ සමානාත්මතාව සහතික කරන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක් ලෙසයි.
“ලිංගිකත්වය මත පදනම් වූ රැකියා අවස්ථා සීමා කිරීමට නීතිමය පදනමක් නැහැ,” මහානාම පැවසීය.
අමාත්‍යවරයාගේ නියෝගයට අනුකූලව බඳවා ගැනීමේ ක්‍රියාවලිය සංශෝධනය කිරීමට අමාත්‍යාංශය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ. පෙරේරා පැවසීය.
දුම්රිය ස්ථානාධිපති තනතුර සඳහා පිරිමින් පමණක් බඳවා ගන්නා අවසාන අවස්ථාව මෙය වනු ඇති බව ඔහු තහවුරු කළේය.
පෙරේරාට අනුව, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් දැනටමත් සිදුවෙමින් පවතින අතර, නව බඳවා ගැනීමේ රාමුවක් අවසන් කිරීම සඳහා අමාත්‍යාංශය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart