
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ රාජකීය පදනමේ වනජීවී වැඩසටහන විසින් නිර්මාණය කරන ලද, ගාඩියන්ස් නම් කථාංග මාලාවේ ශ්‍රී ලංකාව පිළිබඳ කථාංගය ඊයේ නිකුත් විය.
එමගින් අවධානය යොමුකර ඇත්තේ මෙරට සිටින රේන්ජර්වරුන් පිරිසක් පිළිබඳවයි.
අලි -මිනිස් ගැටුමේ තර්ජන අවම කිරීමට කටයුතු කරන ශ්‍රී ලාංකික රේන්ජර්වරුන් පිළිබඳව වන එම කථාංගයෙන් බොහෝ සෙයින් ආදරය කරන මෙම සත්ව විශේෂය වඳවී යාමෙන් බේරා ගැනීමට සහ ප්‍රජාවන් අතර වඩාත් සාමකාමී සහජීවනයක් ඇති කිරීමට ඔවුන් කටයුතු කරන ආකාරය පිළිබඳ පැහැදිලි කෙරේ.
මැයි මාසයේදී දියත් කරන ලද ගාඩියන්ස් කථාංග මාලාව, වනජීවී ආරක්ෂාව සහ සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින පුද්ගලයන් ලෙස රේන්ජර්වරුන් වටා ඇති කතාවන් පෙළ ගස්වයි.
පෘථීවිය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් කරන වැදගත් නමුත් බොහෝ විට වරදවා වටහාගෙන ඇති කාර්යය පිළිබඳ පිළිගැනීමක් ඇති කිරීම මෙම කථාංග මාලාවේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාව පිළිබඳ කථාංගයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රන්දෙණිගල කාලාපයේ පශු වෛද්‍ය සායනය තුළ වසර 20කට වැඩි කාලයක් පශු වෛද්‍ය විශේෂඥයකු ලෙස කටයුතු කරන රේන්ජර් චින්තක පතිරණ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි.
චින්තක සහ ඔහුගේ කණ්ඩායම නිර්භීතව අලි ඇතුන් බේරා ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට තම ජීවිත පරදුවට තබා මුර සංචාර රාජකාරි කිරීම සහ ගැටුම් අවම කිරීම යන කාර්යයන් පිළිබඳ කථාංගයෙන් පිළිබිඹු වේ.
ශ්‍රී ලංකාව වර්ග සැතපුමකට වැඩිම වන අලි ඝනත්වයක් ඇති රටක් වන අතර එහි අලි ගහනය 5,000ත් 6,000ත් අතර වේ.
දශක ගණනාවක් තිස්සේ මිනිසුන් සහ අලි සාමකාමීව සහජීවනයෙන් සිට ඇති නමුත් වාසස්ථාන ආක්‍රමණය, වන විනාශය සහ කෘෂිකාර්මික ව්‍යාප්තිය මෙම කල් පවතින සම්බන්ධතාව වඩාත් නරක අතට හරවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart