
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැඟිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එම සමිතියේ උප සභාපති පී. වී. ලක්ෂ්මන් ජයවර්ධන ඊයේ (20) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්රණ ශාලා ගොඩනැඟිල්ලක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබෙන අතර, ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන සිය ජනාධිපති ධූරය දැරූ 2019 ජනවාරි මස එම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙන බවත්, අදාළ ගොඩනැඟිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 7ක් කඩාඉවත් කර ඇති බවත්, එහි තිබූ වටිනා දොර ජනෙල්, උළුවහු, සීට් ඇතුළු භාණ්ඩ ද අස්ථානගත වී තිබෙන බවත් ඒ ලක්ෂ්මන් ජයවර්ධන කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
උත්සව ශාලා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබෙන බවත්, ඒ සඳහා රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බවත්, එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත්කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත් ලක්ෂ්මන් ජයවර්ධන සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.
ගොඩනැඟිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබාදී තිබෙන බවත්, මේ වන විට ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කටයුතු අතරමඟ නතර වී තිබෙන බවත්, සඳහන් කරන ලක්ෂ්මන් ජයවර්ධන, මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැඟිල්ල ලබාගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවත් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එසේම, නව ගොඩනැඟිල්ල ඉදිකිරීමට පෙර පැවැති කඩ කාමරවල තිබූ භාණ්ඩ කවුරුන් විසින් රැගෙන ගියේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පෙන්වා දෙන ලක්ෂ්මන් ජයවර්ධන, මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් මෙසේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද සඳහන් කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart