
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස පත් වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
එම පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශ කර ඇති අතර, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද එහි සඳහන් වේ.
ගාල්ල මහනගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එම පක්ෂය විසින් මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබූ බව වාර්තා වේ.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශයට අනුව, එම ඡන්ද විමසීම පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රියන්ත ගොඩගම නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස තේරීපත් විය.
ඒ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රියන්ත ගොඩගමගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දරන සියලුම තනතුරු සහ වගකීම්වල අයිතියද අහෝසි වන බවත් දැනුම් දී ඇත.
ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම ජාතික ජන බලවේගයට සහය දුන් අතර, පසුව ඔහු නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරී පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart