
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසරේ මුල් මාස හය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ අනාවරණය කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, 2025 ජනවාරි 1 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා මාරක රියඅනතුරු 1,133ක් වාර්තා වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්ය.
මාර්ගයන්හි පැදවීමට නුසුදුසු තත්වයේ පවතින වාහන සහ නොසැළකිලිමත් ලෙස රිය පැදවීම බව මෙම අනතුරුවලට ප්‍රධානවම හේතුවන බව ඔහු සඳහන් කළේය.
වසර 30 ක සිවිල් යුද්ධයේදී පුද්ගලයන් 28,000 ක් පමණ මියගිය අතර, ඊට සාපේක්ෂව සෑම උදෑසනකම සිය ජීවනෝපාය සඳහා නිවසින් පිටත්වන පුද්ගලයන් හත්දෙනකු දළ වශයෙන් සවස් කාලය වනවිට රිය අනතුරු මඟින් මියයන බවත් ඔහු පැවැසීය.
2025 ජූලි 1 වැනිදා සිට රථවාහන අනතුරු සඳහා හේතුවන අනවසර සහ අනවශ්‍ය වාහන වෙනස් කිරීම් සහ අමතර කොටස් ඉවත් කිරීම ආරම්භ කරන බව ඔහු තවදුරටත් නිවේදනය කළේය.
මෙම සාකච්ඡාව අමතමින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු සහ විකලාංග සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සඳහන් කළේ මාර්ග අනතුරු රට තුළ නිහඬ වසංගතයක් බවට පත්ව ඇති බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart