
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අප්‍රිකානු සූකර උණ ආසාදිත හෝ අධිඅවදානම් කලාප ලෙස නම්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
මෙම ගැසට් නිවේදනය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල විසින් නිකුත් කර ඇති අතර, එය 2025 ජුනි 13 සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වේ.
විශේෂ ගැසට් නිවේදනය මගින් ඌරන් අධිඅවදානම් සතුන් ලෙසද නම්කර ඇත.
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අප්‍රිකානු සූකර උණ ව්‍යාප්ත වී ඇති අතර, එය තවදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බව ගැසට් නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, නම්කරන ලද ප්‍රාදේශීය පශු වෛද්‍ය නිලධාරියා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් නොමැතිව ආසාදිත හෝ අධිඅවදානම් ප්‍රදේශ තුළ හෝ ඉන් පිටත අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ ඒ ආශ්රිත නිෂ්පාදන ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යෑම හෝ බැහැර කිරීම තහනම් වේ.
මීට අමතරව, ආසාදිත සතුන් මස් සඳහා ඝාතනය කිරීම හෝ සජීවි සතුන් විකිණීමද තහනම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart