
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාරයක් දියත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි සති දෙක ඇතුළත තීරණයක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
එම කාලය ඇතුළත න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා වන සාකච්ඡා සඳහා ඉරානයට සැළකිව යුතු අවස්ථාවක් පවතින බව ද ට්‍රම්ප් පවසා ඇත.
එබැවින් අන්තර්ජාතික විශ්ලේෂකයන් පවසන්නේ, ට්‍රම්ප්ගේ මෙම තීරණයෙන් ඊශ්‍රායල – ඉරානය අතර පවතින මතගැටුම විසඳා ගැනීම සඳහා වන අවස්ථාවක් ද වියහැකි බවයි.
මේ අතර ඊශ්‍රායල රෝහලකට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් පුද්ගලයින් 71 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කළේ, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට තවදුරටත් ජීවත්වීමට ඉඩදිය නොහැකි බවයි.
මේ අතර ඉරානය රටපුරා අන්තර්ජාල සන්නිවේදන සබඳතා අත්හිටුවා තිබේ.
ඒ, ඉරාන රාජ්‍ය රූපවාහිනියට ඊශ්‍රායලයෙන් සයිබර් ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුවය.
මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී අතර පැවති සාකච්ඡාවකින් පසු ඉරානයට කිසිවිටෙකත් න්‍යෂ්ටික අවියක් තබාගත නොහැකි බවට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එකඟවී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඉන් අනතුරුව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී අද ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ප්‍රංශ, ජර්මානු, යුරෝපා සංගමය සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතව තිබේ.
මේ අතර, ඉරාන ගුවන් අවකාශය වසා දැමීම සහ ඊශ්‍රායලයේ ප්‍රධාන අන්තර්ජාතික ගුවන් තොටුපොළ මගී ගමනාගමනය සඳහා වසාදැමීමත් සමග බොහෝ රටවල් එම රටවල සිටින සිය පුරවැසියන් ඉවත්කිරීම සඳහා සංකීර්ණ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart