
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව ‘දිවයින’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති අතර මෙම දේපළ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.
අයථා ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියාව සිටි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ය. විමර්ශන පවත්වන අනෙකුත් දේශපාලනඥයන් ගේ නම් මෙසේය.
මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, පිල්ලෙයාන්, එච්.එම්. චන්ද්‍රසේන, ශාන්ත අබේසේකර ය.
මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු හමුදා ප්‍රධානීන්ගේ අයථා දේපළ ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඒවා පවරාගෙන පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරියෙක් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart