
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 වර්ෂයේදී තරුණයකුට වධහිංසා පැමිණවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඌරගස්මන්හන්දිය පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුට රුපියල් මිලියනය බැගින් වන්දි සහ නඩු ගාස්තු ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි වින්දිතයා අත්අඩංගුවට ගෙන පහරදීමක් සම්බන්ධයෙන් මෙම තීන්දුව ලබා දී තිබේ.
එහිදි ඔහු නීතිඥයකු සමඟ පොලිස් ස්ථානයේ පෙනීසිටියද පසුව, අපරාධ අංශයේ එවකට භාර නිලධාරියා සහ තවත් නිලධාරියකු විසින් ඔහුට පහර දී ඇත.
පෙත්සමේ සඳහන් වූයේ, වින්දිත පුද්ගලයාට මාංචු දමා කාමරයකට ඇදගෙන ගොස් ඔහුගේ ලිංගික අවයව ඉලක්ක කරමින් දරුණු පහරදීමක් සිදුකර ඇති අතර, එම පහරදීමෙන් ඔහුට සිහි නැති වූ බවයි.
එමෙන්ම, වින්දිතයා හට රුපියල් 300,000 ක් ගෙවීමට බලකළ බවට සැකකරුවන් හට චෝදනා එල්ල වී ඇති අතර, ඔහුගේ තුවාල හේතුවෙන් දින 12 ක් රෝහල්ගත කර ඇති බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.
ශිරාන් ගුණරත්න, එස්. තුරෙයිරාජා සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පැවසුවේ, පොලිසිය අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට හෝ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අපොහොසත් වූ බවත් ,වින්දිතයා දැඩි වධහිංසාවලට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූ බවත්ය.
එවකට ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිලධාරීන් හරිත් සහ අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් ලෙස හඳුනාගෙන ඇති අතර, නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යවන ලෙස ද අධිකරණය නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart