
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ඊයේ කරුණු දක්වමින් අනාවරණය කරන ලද්දේ හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චුදිත පවුලේ සාමාජිකයන් අයථා ලෙස රුපියල් මිලියන 97.35ක මුදලක් උපයාගෙන ඇති බවයි.
ඊට අදාළව මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගත බව අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්හ.
සැකකරුවන්ගේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිසමට කළ දැනුම්දීමක් මත මෙම විමර්ශන ක්‍රියාත්මක කළ බවද නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්හ.
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියට සහා බිරියට අයත් රුපියල් ලක්ෂ 300 බැගින් වූ ස්ථාවර ගිණුම් දෙකක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇතැයි අල්ලස් කොමිසම දැනුම් දුන්නේය.
මෙම පවුලට අයත් ජිවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන්ද විමර්ශනය කෙරෙන බවද අධිකරණයට ප්‍රකආෂ කෙරිණි.
කෙසේවෙතත් සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, මෙම මුදල් උපයාගෙන ඇත්තේ මැණික් ව්‍යාපාරයෙන් බවයි.
මෙම නිත්‍යානුකුල ආදායම් සම්බන්ධයෙන් රජයට නිසි පරිදි බදුද ගෙවා ඇති බවද සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු වැඩිදුරටත් අධිකරණයට දැනුම්දී ඇත.
ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ අධිකරණය කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරියට සහ දියණියට ඇප ලබාදුන්නද, ඇප කොන්දේසි සැපිරීමට නොහැකිවීම නිසා ඔවුන් තිදෙනා බන්ධනාගාරගත කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart