
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ අපරාධ වැඩි වශයෙන් සිදුවන බවට හඳුනාගෙන ඇති ප්‍රදේශ 52ම බස්නාහිර සහ දකුණු පළාත්වල පිහිටා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යංශය පෙන්වාදෙන්නේ, එම කලාපවල ඉහළ යන අපරාධ ක්‍රියාකාරකම් පාලනය සඳහා විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් දැනටමත් ක්‍රියාත්මක බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ද ඉකුත් කියාසිටියේ, දිවයිනේ වැඩිම අපරාධ සිදුවන පොලිස් බල ප්‍රදේශ 52ක් පොලිසිය විසින් හඳුනාගෙන ඇති බවයි.
එම තත්වය පිළිබඳ සළකා බලා නිත්‍ය ආරක්ෂක විධිවිධානවලට අමතරව විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් මේ ප්‍රදේශවල දැන් මේ වනවිට ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පසුව ජනමාධ්‍ය වෙත පවසා තිබිණි.
පසුගිය මාස කිහිපය තුළ රට පුරා සිදුවන වෙඩිතැබීම් සහ අනෙකුත් ප්‍රචණ්ඩකාරී අපරාධවල කැපීපෙනෙන වැඩිවීමක් දක්නට තිබේ.
එම සිදුවීම් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වන බැවින් මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ශව රැසක් රජයට බලකර සිටියි.
මේ අතර ජනාධිපති අමාත්‍ය අනුර කුමාර දිසානායක බස්නාහිර සහ දකුණු පළාත්වල පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත්තේ කිසිදු බාහිර බලපෑමකට නතු නොවී රාජකාරි කරන ලෙසයි.
දේශපාලන අධිකාරියෙන් අවශ්‍ය සහය ලබාදෙන බවත් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට රජය පහසුකම් සපයන බවත් ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart