
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසම විසින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ජුනි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් කොමිසමට අනුව, වෛද්‍ය විජේරත්න සහ තවත් දෙදෙනෙකු තම පෞද්ගලික වෛද්‍ය ආයතනය හරහා රෝගීන්ට ඇතැම් ඖෂධ වැඩි මිලට අලෙවි කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, රජයේ රෝහල වෙතින් එම ඖෂධ මිලදී ගැනීමට රෝගීන් යොමුවීම හිතාමතාම මගහරවා ඇත.
රෝහලට තම නිල සැපයුම් අංශය හරහා මෙම ද්‍රව්‍ය සැපයීමට රෝහලට හැකියාව තිබියදීත්, අදාළ පුද්ගලයන් විසින් රෝගීන් නොමඟ යවා බාහිර පෞද්ගලික පාර්ශ්වවලින් ඒවා මිල දී ගැනීමය යොමුකර ඇති බවට චෝදනා එල්ල වේ.
මෙමගින් රෝගීන්ට මූල්‍යමය වශයෙන් අලාභයක් සිදුවී ඇති අතර සැකකරුවන්ට සහ අනුබද්ධ බාහිර සැපයුම්කරුවන්ට අනවශ්‍ය ලාභයක් හිමිව ඇති බව කොමිසම පවසයි.
එමෙන්ම අල්ලස් කොමිසම පෙන්වාදෙන්නේ, අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරිය මෙම වෛද්‍ය සැපයුම් බාහිර වෙළඳසල්වලින් ලබාගැනීමට රෝගීන් යොමුකරමින්, රෝහල් සැපයුම් මගහරිමින්, රෝහලට සහ රෝගීන්ට සැළකිය යුතු මූල්‍යමය පාඩුවක් සිදුකර, බරපතළ දූෂණ ක්‍රියාවක් බවට වෙනුවෙන් තම බලය අයුතු ලෙස භාවිත කර ඇති බවයි.
චෝදනා එල්ල වී ඇති මෙම වංචාව හේතුවෙන් රෝගීන්ට රුපියල් මිලියන 30 ක මූල්‍යමය පාඩුවක් සිදු වූ බව කොමිසම ප්‍රකාශ කරයි.
හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සැබෑ සෞඛ්‍ය තත්වය වසන් කිරීමට සම්බන්ධ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙම වෛද්‍යවරියට මීට පෙර චෝදනා එල්ල කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart