
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම්වල සෘජු ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අගෝස්තු මාසය වන විට මෙරට තුළ සිදුකරන තෙල් මිල සංශෝධනවලදී ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
ඉරානය යනු ගෝලීය වෙළඳපලේ විශාල තෙල් නිෂ්පාදකයකු වන අතර, එරට ගෝලීය සැපයුම්වලින් සියයට 3 ක් පමණ දායකත්වය දක්වයි.
ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නේ සිංගප්පූරුවේ පිහිටි සමාගම්වලින් වන අතර, ඊට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඉන්ධන මිලදී ගැනීමේ ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවැත්වෙයි.
එහෙත් තවමත් එය ක්‍රියාත්මක නොවේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 75ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අමෙරිකානු වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 73.42 දක්වා ඉහළ ගොස් ඇත.
එම මිල උච්ඡාවචනයන් ජූනි මස අගදී මෙරට සිදුකෙරෙන තෙල් මිල ගණන් සංශෝධනය සඳහා බලපෑමක් එල්ල නොකරනු ඇති නමුත්, මිල වැඩිකිරීම ඊළඟට ඇණවුම් කිරීමට නියමිත තෙල් තොග සඳහා අදාළ වනු ඇතැයි අපේක්ෂිතය.
මෙරට ඉන්ධන මිල සංශෝධනයේදී පිරිවැයට සළකා බැලෙන ලෙස ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාතමක වේ.
බොරතෙල් සම්බන්ධයෙන් අන්තර්ජාතික වෙළඳපොළේ සිදුවන ඕනෑම මිල ඉහළ යෑමකදී මිල සූත්‍රය අනුව දේශීය මිල ගණන්වලට බලපානු ඇත.
සෑම මසකම අවසානයේ මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart