
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වෛද්‍යවරුන්ට අතිරේක රාජකාරි සඳහා ලබා දී ඇති ගෙවීම් සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කිරීම ජූනි 28 වැනි දිනට පෙර සිදුකරන ලෙස රජයට පවසයි.
GMOA විසින් ඒ සඳහා සති දෙකක අවසාන නිවේදනයක් ලබාදුන් අතර, ගැටලුව විසඳීමට අපොහොසත් වුවහොත් ඊළඟ සතියේ බරපතල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීය.
ජනමාධ්‍ය හමුවකදී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ පැවැසූයේ, රජය මෙම අනුපාතයන් නොවෙනස්ව තබාගැනීමට පොරොන්දු වුවද, පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය සාවද්‍ය බවත්, මාස ගණනකට පසුව පවා එය නිවැරදි කර නොමැති බවත්ය.
එකම දෝෂ සහිත චක්‍රලේඛය නිකුත් කිරීමට සූදානමක් පවතින බවත්, මෙය බරපතල ගැටළුවක් බවත්, සරල කාරණයක් සංකීර්ණ ගැටලුවක් බවට පත් +කර ඇති බවත් ඔහු පෙන්වාදෙයි.
රජය සහ සෞඛ්‍ය නිලධාරීන් මෙවැනි සරල කාරණා සෞඛ්‍ය ක්ෂේත්රයේ අර්බුදයක් බවට පත්වීමට ඉඩ නොදිය යුතු බව ඔහු තවදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart