
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැඩි ආන්දෝලනයට ලක්ව ඇති මෙරටට රැගෙන ආ කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චූනා කළ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මන්ත්‍රීවරයා පවසා තිබුණේ දැඩි කතාබහට ලක්ව ඇති කන්ටේනර් තොගයේ එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට අයත් ආයුධ තිබූ බවයි.
පාර්ලිමේන්තුවේදී එම අදහස් දක්වමින් ඔහු චෝදනා කළේ, මෑතකදී ශ්‍රී ලංකාවට ගෙනැවිත් පසුව ශ්‍රී ලංකා රේගුව විසින් මුදාහරින ලද කන්ටේනර් සමූහයක ගිනිඅවි සහ වෙනත් ආයුධ තිබූ බවත්, ඒවා පළමුව තායිලන්තයේ තිබූ අතර මෙරටට රැගෙන ඒමට පෙර ස්ථාන කිහිපයක් ඔස්සේ රැගෙනවිත් ඇති බවයි.
එම භාණ්ඩ එල්.ටී.ටී.ඊ නායක ප්රභාකරන්ට අයත් ඒවා බවත්, එය එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරිකයකු වන කුමරන් පද්මනාදන් හරහා රැගෙන ආ ඒවා බවත් ඔහු පැවසුවේය.
මේ අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ දැයි The Morning පුවත්පත කළ විමසීමකදී, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ, මන්ත්‍රී අර්චූනාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් පවතින බවයි.
“රේගුව හරහා ආයුධ සහ ගිනි අවි ගේන්නේ කවුද?” යනුවෙන් විමසා ඇති අමාත්‍යවරයා, මන්ත්‍රී අර්ච්චුනා පවසා ඇති දෑ සම්පූර්ණයෙන් අසත්‍යය බවත් පවසා තිබේ.
ඔහු වැනි පුද්ගලයන් දේශපාලන වාසි තකා ප්‍රකාශ සිදුකරන බවත්, රජය එවැනි පුද්ගලයන්ට අසත්‍ය ප්‍රචාරය කිරීමට ඉඩනොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ, දේශපාලන සහ පෞද්ගලික වාසි තකා කවුරුන් හෝ අසත්‍ය ප්‍රකාශ කරනවා නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart