
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව විසින් වාර්තා කරන ලද නිල විදේශ සංචිත සංඛ්‍යාව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4 කින් වැඩි වී ඇති බව “FactCheck.lk Reserves on Sri Lanka’s reporting of Foreign reserves” නමැති මහජන පර්යේෂණ මූලාශ්‍රයක් අනාවරණ කර තිබේ.
කෙසේවෙතත්, සංචිත වත්කමක් ලෙස සුදුසුකම් ලැබීමට දැනට අන්තර්ජාතික ප්‍රමිතියට නොගැලපෙන ලෙස චීන මහජන බැංකුවෙන් ලබාගෙන ඇති, ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4 ක මුදල් හුවමාරුවක් සංචිත ලෙස ඇතුළත් කිරීමද මෙම ඉහළ යාමේදී සලකා බලා ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගෙවීම් ශේෂ අත්පොතේ 6 වැනි සංස්කරණයේ දක්වා ඇති පරිදි සංචිත වත්කම් වාර්තාකරණය සඳහා වන අන්තර්ජාතික ප්‍රමිතියට අනුව, සංචිත වත්කම් ද්‍රවශීල විය යුතුය, නැතහොත් වඩාත් කොන්දේසි විරහිත ආකාරයෙන් පහසුවෙන් ලබාගත හැකි විය යුතුය.
චීන මහජන බැංකුවේ මෙම මුදල් හුවමාරුව එම අවශ්‍යතාවය සපුරාලීමට අපොහොසත් වේ.
ඊට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ, එය භාවිතයේදී කොන්දේසි වලට යටත් වියයුතු වීම සහ අනාගතයේදී ඒවා ඉවත් කළ හැකි වීමයි.
සංචිත නොවන වත්කමක් ඇතුළත් කිරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ නිල සංචිත ඉක්මවා ගොස් ඇත.
උදාහරණයක් ලෙස, 2025 මැයි මාසයේදී වාර්තා කරන ලද නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.3 කි.
වාර්තාකරණය අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වූයේ නම්, එම අගය ඩොලර් බිලියන 4.9 ක් පමණ වනු ඇත.
මෙම වැරදි වාර්තාකරණය දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් සංචිත ගණන් කිරීමේ විවිධ ක්‍රම දෙකක් භාවිත කරමින් සංචිත එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සංසන්දනය කර ඇති බව යැයි මූලාශ්‍රය පෙන්වා දෙයි.
ඒ ඔස්සේ 2022 අප්‍රේල් මාසයෙන් පසු සංචිත වර්ධනය ගැන නොමඟ යවන ප්‍රකාශයන් ඇති කිරීමට හේතුවී තිබේ.
අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන නිර්දේශිත ප්‍රවේශය වන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිය කාර්යමණ්ඩල වාර්තාවල භාවිත කළ හැකි සංචිත ලෙස පෙන්වන දෙයෙහි වෙනස සංසන්දනය කිරීම සහ සංචිත වත්කමක නිර්වචනයට නොගැලපෙන එවැනි වත්කම් හුවමාරුව බැහැර කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart