
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ පර්යේෂණ යාත්‍රා හැසිරවීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාටිපාටි සැකසීමට ශ්‍රී ලංකා රජය ප්‍රමාදවීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සමුද්‍ර පරිසර පද්ධති පර්යේෂණවල ප්‍රධාන ප්‍රතිලාභ මෙරටට අහිමිවනු ඇති බව රජයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරංචි මාර්ග පවසයි.
මෙරට රජය 2023 නොවැම්බර් 24 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කරන ලද ඉල්ලීමට අනුව එම සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් “Dr Fridtj of Nansen” නමැති නවීනතම යාත්‍රාව එළඹෙන ජූලි 15 සිට අගෝස්තු 20 දක්වා ශ්‍රී ලංකාව වෙත යෙදවීමට කටයුතු සම්පාදනය කර ඇත.
එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට යොමු කර ඇති ලිපියක් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ, එම නෞකාවේ සංචාරය අවලංගු කළ යුතු බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය මෙම වසරේ මැයි 19 දිනැති ලිපියකින් දන්වා ඇති බවයි.
කෙසේවෙතත් ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදී ඇත්තේ එම සංචාරය අවලංගු කිරීම තුළින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියනයකට වඩා සෘජු පාඩුවක් සිදුවනවා පමණක් නොව, නෞකාවෙන් ලබාදෙන දත්ත මත දැඩි ලෙස රඳාපවතින හරිත දේශගුණික අරමුදල විසින් මූල්‍යකරණය කරනු ලබන ඉදිරි වැඩසටහන් වල කාර්යක්ෂමතාව අඩුවනු ඇති බවයි.
මෙම වසරේ සංචාරය අවලංගු කරන්නේ නම්, 2030 අවසන් වීමෙන් පසු කාලය දක්වා තවත් සංචාරයක් සැලසුම් කිරීමට ද නොහැකි වනු ඇතැයි පැවසේ.
එමෙන්ම මෙම නෞකාවේ සංචාරය අවලංගු කිරීම ආර්ථිකයේ ප්‍රධාන අංශයක ආර්ථික සංවර්ධනය සඳහා වූ අපේක්ෂාවන්ට හානිකරමින්, රජයේ තීරණ ගැනීම සඳහා අත්‍යවශ්‍ය තීරණාත්මක දත්ත රටට අහිමි කරනු ඇතැයි ද වාර්තා වේ.
එබැවින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය, රජයෙන් කෙරෙන විධිමත් ඉල්ලීම මත එම නෞකාවට එක්සත් ජාතීන්ගේ ධජය යටතේ සංචාරය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලමින් ඒ පිළිබඳ අමාත්‍යාංශයේ අවධානය යොමුකරන ලෙස ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart