
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බටහිර ඉන්දියාවේ යකඩ පාලමක් කඩාවැටීමෙන් දෙදෙනකු මියගොස් ඇත.
අනතුරින් පුද්ගලයන් 06 දෙනකු බරපතල තුවාල ලබා ඇති බවත්, ඔවුන් මහාරාෂ්ට්‍රයේ පූනේ දිස්ත්‍රික්කයේ පාලම යටින් ගලායන ඉන්ද්‍රයානි ගඟෙන් බේරාගෙන ඇති බවත් නිලධාරීන් පවසයි.
ඊයේ පස්වරු 3.30 පමණ මෙම පාලම කඩාවැටී ඇති අතර, ඒ මොහොතේ විශාල පිරිසක් පාලම හරහා ගමන් කරමින් සිටි බව සාක්ෂිකරුවෝ පවසති.
ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය මේ සඳහා යොදවා ඇති බවත්, සහන කටයුතු වහාම වේගවත් කර ඇති බවත්, මහාරාෂ්ට්‍ර ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නවිස් පවසා ඇත.
පූනේ දිස්ත්‍රික්කයේ තලේගෝන් අසල ඉන්දෝරි හි ඉන්ද්‍රයානි ගඟ හරහා පාලමක් කඩාවැටීමෙන් සිදු වූ ඛේදවාචකය පිළිබඳ අසා තමා අතිශයින් කණගාටුවට පත් වූ බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පැවැසීය.
පාලමේ සිටි සමහර පුද්ගලයන් ගසාගෙන යන්නට ඇතැයි සැකකෙරෙන බව ජනමාධ්‍ය වාර්තා කරයි.
පාලම එකවරම කඩාවැටුණු බවත්, ඉන් අවම වශයෙන් පුද්ගලයන් 20-25 ක් පමණ ගසාගෙන ගිය බවත්, මෙම අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන රඝුවීර් ෂෙලාර් විදෙස් ජනමාධ්‍ය හමුවේ පවසා ගලවාගැනීමේ කණ්ඩායම් සංචාරකයන් කිහිපදෙනෙකු බේරාගත් අතර, ඇතැමුන් පාලමේ සුන්බුන් අතර සිරවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart