June 16, 2025

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 2,433 දෙනකු ආදායම් වියදම් වාර්තා ලබා නොදීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වාර්තා වේ.

මැතිවරණයට අපේක්ෂකයන් 76,992ක් ඉදිරිපත් වී සිටි අතර ආදායම් වියදම් වාර්තා ලබානුදුන් අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට අදාළව උපදෙස් නීතිපතිවරයාගෙන් මැතිවරණ කොමිසම ඉල්ලා ඇතැයි වාර්තා සඳහන් කරයි.

නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් වහාම ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ සූදානම් බව පැවැසේ.