
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පරමකුඩි හි පිහිටි වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්රී ලාංකික දෙමළ කාන්තාවක් සහ ඇගේ පුත්රයකු සිකුරාදා අත්අඩංගුවට ගත් බව හින්දු පුවත්පත වාර්තා කළේය.
පරමකුඩි හි ඥානසෞන්දරියේ (92) නමැති කාන්තාවගේ නිවසේ සේවිකාවක් ලෙස සේවය කළ, ශ්රී ලාංකික දෙමළ කාන්තාවක් වන අන්නලක්ෂ්මි (52), ඇගේ මරණය පිළිබඳව වයෝවෘද්ධ කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දුන් බව පොලිසිය පැවසීය.
මේ පිළිබඳව පරමකුඩි නගර පොලිසියට දැනුම්දී ඇති අතර, වැඩිදුර විමර්ශනයේදී වයෝවෘද්ධ කාන්තාවගේ නිවසින්සි රන් ආභරණ පවුම් 7.5 ක් පමණ අතුරුදහන් වී ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබී තිබේ.
සේවිකාවගෙන් කළ විමසීමකදී, ඇය රාත්රියේ වයෝවෘද්ධ කාන්තාව මරාදමා, ඇගේ පුත්රයා වන 36 හැවිරිදි ප්රබුට රන් ආභරණ ලබා දී ඇති බව සොයා ගෙන ඇත.
පොලිසිය කාන්තාව සහ පුතා අත්අඩංගුවට ගෙන ආභරණ සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart