
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරම් අන්තර්ජාතික ගුවන්තොටුපළට බ්‍රිතාන්‍ය F-35 ප්‍රහාරක ජෙට් යානයක් ඉන්ධන අඩුවීමෙන් පසු හදිසි ගොඩබෑමක් සිදුකර ඇත.
ගුවන් යානා ප්‍රවාහන නෞකාවකින් ගුවන් ගත වූ බවට සැළකෙන ජෙට් යානය රාත්‍රී 9.30 ට පමණ ආරක්ෂිතව ගොඩබැස තිබේ.
ආරක්ෂිත ගොඩබෑමක් සහතික කිරීම සඳහා ගුවන් තොටුපොළ බලධාරීන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇත.
“නියමුවා අඩු ඉන්ධන ප්‍රමාණයක් වාර්තා කළ අතර ගොඩබෑමට අවසර ඉල්ලා සිටියේය. සියල්ල ඉක්මණින් හා වෘත්තීයමය වශයෙන් හසුරුවන ලදී,” යැයි ගුවන් තොටුපොළ නිලධාරියෙක් පවසා ඇත.
ගුවන් යානය දැනට ගුවන් තොටුපළේ නවතා ඇත.
මධ්‍යම රජයේ අදාළ බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු පසු ඉන්ධන පිරවීම සිදු කෙරෙන බව නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ටයිෆූන් සමඟ ක්‍රියාත්මක වන F-35B ලයිට්නින්, කෙටි ගුවන්ගත කිරීම් සහ සිරස් ගොඩබෑමේ හැකියාවන් සඳහා ප්‍රසිද්ධ පස්වැනි පරම්පරාවේ රහසිගත සටන් ගුවන් යානයකි.
එය නිරවද්‍ය භූමි ප්‍රහාර, ඉලෙක්ට්‍රොනික යුද්ධ, නිරීක්ෂණ සහ ගුවනේ සිට ගුවනට සටන් ඇතුළු විවිධ මෙහෙයුම් සඳහා සහාය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart