
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය නමැත්තාගේ ඉඩමට ඇතුල්වීම සහ මාර්ගය අවහිර කිරීම වළක්වාලමින් අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය නොසලකා එය කඩකිරීමේ චෝදනාව මත ලබන 23 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න හා විශ්ව ඇලක්සන් යන පුද්ගලයින්ට කොළඹ අතිරේක දිසා විනිසුරු ආර්. විජේරත්න නොතීසි නිකුත් කර තිබේ..
සිය සේවාදායකයාට අයත් ඉඩමට පිහියක්ද අතැතිව ඇතුල්වී අනර්ථයක් සිදුකිරීමට තැත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ද කර ඇතැයි පෙන්වාදෙමින් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරිය එම නියෝගය නිකුත් කළාය.
එකී නඩුව සම්බන්ධයෙන් ලිඛිත දේශන ද ජුනි 23 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කළාය.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මෙන්ම නීතීඥ අනුරුද්ධ ධර්මරත්න, නීතීඥ ගයාන් දර්ශන සහ නීතීඥ කෙවින් ඩයස් ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් පෙත්සම්කාර වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලා කොළඹ දිසා අධිකරණය විසින් එම වාරණ නියෝගය පනවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart