
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට නාමික පත්වීම් ලබා දීමෙන් රජයේ වැටුප් සහ අතිකාල දීමනා අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart