
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේවි කුසුමාසන නම් වූ සිනමා කෘතිය කොළඹ දී අද පස්වරුවේ නැරඹීමි. මා එහි දී තේරුම් ගත් දෙයක් නම් මෙරට බහුතරයක් සිනමාකරුවන්ට ටෙලිනාට්‍යයෙන් එළියට ඒමට නොහැකි මර්යාදාවක් ඇති බවයි.
මෙම සම්පූර්ණ කෘතිය ම පෙනී ගියේ විශාල තිරයක දිග හැරෙන ටෙලි නාට්‍යයක් ලෙසිනි.
සිනමාවක් ටෙලියකින් වෙනස් වන එක් තැනක් නම් අප තිරය සමඟින් කරන භාවික මුහුවයි (emotional fusion). ප්‍රේක්ෂකයාගේ පාරිකල්පනික ආයෝජනය (spectator’s imaginary investment) තව පුළුල් කළ යුතුය. උදාහරණයක් විදිහට තර්කොව්ස්කිගේ ‘ද් මිරර්’ වැනි චිත්‍රපටයක්, ගොඩාර්ඩ්ගේ වීක්එන්ඩ් වැනි චිත්‍රපටයක් ගත හැකියි. ඒ අර්ථයකින් ගත් විට දේවි කුසුමාසන සිනමාවක නිරත නොවේ.
ඒ තුළින් සිනමා කෘතියක දී බලාපොරොත්තු වන ආකාරයේ ගැඹුරු තේමාත්ක අනුධ්වනියක් (deeper thematic resonance) හෙළි වන්නේ නැත.
උදාහරණයක් වශයෙන් ගෝඩ්ෆාදර් වැනි චිත්‍රපටයක් සලකමු. බලය, දුෂණය, පවුල් ජාලයන් ආදිය පිළිබඳ ඉතා ගැඹුරු තේමාත්මක අනුධ්වනියක් ඉන් හෙළි වෙයි. එබැවින් ම එය විශිෂ්ට සිනමා කෘතියක් වෙයි.
දේවි කුසුමාසන හි ‘ආදරය නඩු අසන්නේ නැතැයි’ කියා නිතර නිතර කීව ද එය හුදු වාගාලාපයක් විනා අප දැක ඇති උසස් සිනමා කෘතිවල දී මෙන් ගැඹුරු තේමාත්මක අනුධ්වනියක් කරා කිඳා නොබසී. සිනමාවේ විනෝදය (pleasure of cinema) අප වෙත එන්නේ එය විසින් අප තුළ ආශාවක් සහ හිඩැසක් (desire and lack) පවත්වා ගෙන යන ආකාරයෙනි. අපි ව කිසියම් Gaze එකකට අල්ලා ගන්නා ආකාරයෙනි.
ක්‍රිස්ටෝෆර් නොලන් වැන්නෙකුගේ ඉන්සෙප්ෂන් වැනි කෘතියක් ගත් විට ජීවත් වනවා යනු කුමක්ද? යථාර්ථය යනු කුමක්ද වැනි ඉතා ගැඹුරු පාරභෞතික ප්‍රශ්නයක් අප හමුවේ ගෙන හැර දක්වා අපිට දින සති ගානකට ගැළවෙන්නට බැරි තත්ත්වයක් ඇති කරයි.
ලංකාවේ බොහෝ නිර්මාණ ටීවී පෙට්ටියෙන් එළියට ඇවිත් නැතැයි මා කියන්නේ මේ හෙයිනි. දේවි කුසුමාසන, කෝ අපට ඉතිරි කරන එක්සයිට්මන්ට් එක.
‘මූන්ලයිට්’ වැනි සාපේක්ෂ් ව පොඩි බජට් වැඩවලින් වුව ද එම එකසයිට්මන්ට් එක උපරිම පවත්වා ගැනීමට හැකි වී තිබේ. (මේ ගැන ලියන්න ගියොත් වෙන ම පොත් පිංචක් ලියන්න වෙයි.)
මේ සියල්ල අත ඇරියත්, දේවි කුසුමානහි සිනමාවක දී දැකිය යුතු painstaking වැඩ මුකුත් නැත.
හැම මූණක් ම හැම නළුවෙක් ම සිනමාත්මක නැත. මම නම් මෙම කෘතියේ එන්ජෝයි කළේ එක සිනමා මූණක් පමණි. ඒ මහේන්ද්‍ර පෙරේරා ය. මම බැරි වෙලාවත් අධ්යක්ෂ උනා නම් ‘චිලී’, ‘රයන් වැන් රෝවන්’, වැනි අයට කියන්නේ අපි ඊළග වැඩක දි බලමු කියාය.
මෙම කෘතිය හොඳින් නිරීක්ෂණය කරන්න. අන් කවර හෝ මුහුණකටත් වඩා සිනමා කැමරාව පුපුරා යන තරම් බරක් සහිත භාව ප්රකාශනයක් පැවතියේ මහේන්ද්‍ර පෙරේරාගේ ය?
ඒත් කෘතිය තුළින් ඔහු එළියට එන්නේ නැත. ඊට හේතුව වැඩේ ලොකු තිරයක දිවෙන ටෙලියක් වීම නිසා ය. මේ වගේ ම වැඩක් චන්ද්‍රන් රත්නම් අතින් බෙන් කින්ස්ලිට සිදු විය. බෙන් කින්ස්ලි මොනතරම් වැඩකාරයෙකු වුව ද කොමන් මෑන් හිදී ඒ චන්ද්‍රන් රත්නම්ගේ බෙන් කින්ස්ලි විය.
සිනමාවේ මහේක්ෂ අංග අත ඇර පොඩි පොඩි දේවල් බැලූවද ඒ තරම් සැලකිල්ලකින් මෙම කෘතිය කර ඇති බවක් නොපෙනේ.
වීරසුන්දර බණ්ඩාර 16 වැනි සියවසේ දී වලේ වැටෙන විට තියෙන්නේ පිටකොටුවෙන් ලාබෙට ගත හැකි කොයිල් ෆ්ලෝ රෙඩ් කාපට් කෑලි, GI බට වැනි දෑය.
රාජ මන්දිරය ඉදිරිපිට මිනිසුන් රැස් වන බිමෙහි ඇත්තේ ඉන්ටර්ලොක් ගල් ය.
15,16,17 වැනි සියවස්වල ලංකාව පිළිබඳ පුංචි සොයාබැලීමක නිරත වී ඇති මට ඔය කියන යුගයේ ඔය වැනි රාජ මන්දිර තිබුණා දැයි සැකය.
එවැනි රාජ මන්දිර මෘදුකාංග ඔස්සේ පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමට නම් හැකිය.
ඊළගට මෙම කෘතියට එක් කර ඇති රාජ සභා නර්තන සංජේ ලීලා බන්සාලිගේ කෘතිවල නිතර හමු වන රාජ සභා නැටුම්වලට බෙහෙවින් සමාන වන ඒවා සහ කුසුමාසන දේවියගේ ජීවිතයට සම්බන්ධ සැබෑ ලෝකය අතර ඇත්තේ මහ මෙරක තරම් වෙනසකි. බන්සාලි විසින් සිය පද්මාවතී, දේව්දාස් ආදී කෘතිවල දී සංදර්භගත කර ගන්නේ මෝගල් අධිරාජ්‍යය සමඟ ඇති වූ විශාල සංස්කෘතික සංශේලෂණයකි (cultural synthesis). මෙය කිසිසේත්, ලංකාවේ උඩරටට බලපෑවේ නැත.
නූතන ඉන්දීය සිනමා references දෙස බලා මෙරට කෘති පරිකල්පනය යනු ඉතිහාසයට කරන හිංසනයකි.
අනෙක දේවි කුසුමාසන හි රාජ සභා නැටුම නටන නළුවන්ගේ නිළියන්ගේ බඩවල් 5ක් ගත්තොත් පැද්දෙන්නේ පස් අතකටය. සිනමාවක දී symmetry කියන දේ කඩා ගන්නවා නම් එය ගැන සිතිය යුත්තේ කුමක්ද?
අවසාන වශයෙන් මගේ විචාරයේ දී කීමට ඇති දෙය නම්, මෙහි ඇති සංගීතයයි.
සිනමා වියමනයක් සාර්ථකත්වය රූප පමණක් නොවේ. සිනමාවේ භාවික, මනෝවිද්‍යාත්මක මෙන් ම ආඛ්‍යානමය දිශානතීන් (emotional, psychological, and narrative dimensions) ගැඹුරින් ගැඹුරට ගෙනියන්නේ සංගීතය මඟිනි.
මේ නිසා ම සිනමා සංගීතය (film score) තවත් එක් සංගීතයක් නොවේ. දේවි කුසුමාසන පුරා සිනමා සංගීතයක තිබිය යුතු මූලික සුවිශේෂ ලක්ෂණ කිසිවක් හඳුනා ගැනීමට හැකි වී නැත. ආඛ්‍යාන ව්‍යුහය සහ සංගීත සරණි (leitmotifs) අතර සම්බන්ධයක් නැත. සිනමා සංගීතය යනු කුමක්දැයි තේරුම් ගැනීමට නම් හොවාඩ් ෂෝගේ හෝ හිල්දුර් ගුද්නදේතියර් (Hildur Guðnadóttir) වැනි අයගේ සිනමා සංගීතය විමසා බැලිය හැකිය.
දේවි කුසුමාසනහි වැයෙන සංගීත සහ එදිනෙදා අපට ඇසෙන සරල ගී සංගීතය අතර ලොකු වෙනසක් නැත. SPD හයිහැට් ආදියෙන් පිරී ඇත. Instrumentation හි දී ඉතා පරිස්සම් සහගත විය යුතුය. උදාහරණයක් ලෙසින් There Will Be Blood වැනි කෘතියක් ගත් විට සංගීතය කොතරම් සාමාන්‍ය සීමාවන් ඉක්මවා ගොස් ඇති බව පෙනේ.
සිනමා සංගීතයේ සුවිශේෂතා හඳුනා ගැනීමට නම් වැඩිදුර යෑමට අවශ්‍ය නැත. ලංකාවේ ප්‍රේමසිරි කේමදාස දෙස හැරුණත් ඇත. තුන්වැනි යාමය වැනි සිනමා කෘතියක් ගෙන බලන්න. නැත්නම් ගොළු හදවත හෝ නිධානය බලන්න. සාමාන්‍ය සංගීතය සහ සිනමා සංගීතය අතර වෙනස ඔබට පෙනේවි.
අනෙක හැම නළුවෙකු ම සිනමාවට ගැළපෙන්නේ නැති ආකාරයෙන් ම හැම ගායකයෙක් ම සිනමාවට නොගැළපේ. දේවි කුසුමාසනහි ගී ගයන අමල් පෙරේරා ඉතා දක්ෂ ගායකයෙකි. එහෙත් මම නම් හිතන්නේ ඔහු සිනමාවට උචිත වූ හඩක් ඇත්තෙකු නොවන බව යි.
මේ සදහා උදාහරණ ම කේමදාස වෙතින් ගත හැකිය. ඔහු සිනමා සංගිතය සදහා හැම හඩක් ම ලං කර ගත්තේ නැත. ඔහු ගත්තේ අමරසිරි පිරීස්, අයිවෝ ඩෙනිස්, ජෝතිපාල වැනි හඩවල් ය. මා අසා ඇති පරිදි ආදර මල් පවනේ ගීතයට ඔහු ජෝතිපාල තෝරා ගන්නේ විශාල රණ්ඩුවකින් පසුවය. අයිවෝ ඩෙනිස්ගෙන් මිස උදුම්බරා හිනැහෙනවා ගත හැකි ද? අමරසිරිගෙන් මිස මිනිසා මරණ තුනක් ඇති මිනිසා ගත හැකි ද?
අවසන් වශයෙන් මම හිතන්නේ සිනමාව ලේසි නැත.
(දර්ශන අශෝක කුමාරගේ ෆේස්බුක් වෝලයෙන් උපුටා ගත්තකි)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart