May 11, 2026

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 84%ක් පමණ තම ඇස් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසර 15කට පෙර පිහිටුවන ලද ජාතික අක්ෂි බැංකුවට මේ දක්වා කාච17,000ක් පමණ ලැබී ඇති බවත්, ඒවා ආසන්න වශයෙන් අක්ෂි බද්ධ කිරීමේ සැත්කම් 12,000ක් සඳහා භාවිත කර ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

අන්තර්ජාතික ඉල්ලීම් මත පදනම්ව වෙනත් රටවලට කාච 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් මෙන්ම අනෙකුත් ආසියානු රටවලින් ද කාච සඳහා අඛණ්ඩ ඉල්ලුමක් පවතින ජාතික අක්ෂි බැංකුව අන්තර්ජාතිකව පිළිගත් ආයතනයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේය.