
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ ශාන්ත ජෝන් අනුස්මරණ විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව බවට පත්වීමට කුෂානි සඳගිරි සමත් වී තිබේ.
“මෙය 100 වන සංවත්සරයයි. අවුරුදු 100 ක් පුරාවට ඉංජිනේරු උපාධියක් හැදෑරීමට මෙහි පැමිණි එකම ශ්‍රී ලාංකික ගැහැණු ළමයා මමයි. පළමුවරට එය ඇසූ විට මට එය විශ්වාස කිරීමට පවා නොහැකි වුණා” ඇය පැවසුවාය.
කුෂානි සඳගිරි එහිදී හැදෑරූ රේඩාර් ඉංජිනේරු විද්‍යාව කාන්තාවන් විසින් සුලභ නියැලෙන වෘත්තියක් නොවන අතර, එම ඉංජිනේරු වෘත්තිය මෙරට්දී පිරිමින් විසින් නියැලෙන රැකියාවක් ලෙස සළකන බව ඇය පවසයි.
“මට දවසක් ජනමාධ්‍යවේදියෙක් වෙන්න අදහසක් ආවා. ඊට පස්සේ මට තවත් අදහසක් ආවා, මගේ දෙමාපියන් බැංකු කටයුතුවලට සම්බන්ධ නිසා, මමත් හිතුවා මටත් බැංකුකරුවෙක් වෙන්න පුළුවන් කියලා,” ඇය පැවසුවාය.
එහෙත් පාසලේ ගණිත ගුරුවරියක් ප්‍රශ්න විසඳීමට ඇය සතු හැකියාව දුටු පසු ඇගේ ගමන්මග වෙනස් කරමින් ඇයව ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට උනන්දු කර තිබේ.
උසස් අධ්‍යාපනයෙන් පසු ඇය මෙරටදී රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාතික ඩිප්ලෝමාවක් හදාරා ඇත.
මේ වනවිට ඇය කැනඩාවේ Fort McMurray හි Suncor සමාගම සමඟ සම්බන්ධ වී සේවය කරයි.
එය ඇල්බර්ටා හි කැල්ගරි හි පිහිටි කැනේඩියානු ඒකාබද්ධ බලශක්ති සමාගමකි.
මේ අතර විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රවල වෘත්තීන් හැදෑරීමට අනෙකුත් කාන්තාවන් පෙළඹවීමට ඇය බලාපොරොත්තු වන බව ද කුෂානි සඳගිරි පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart