
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව ලබා ගත් පළමු එක්දින තරග ජයග්‍රහණය සමරන්නට ඕමානය සමත් විය.
ඒ ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී අයර්ලන්තය කඩුලු 5කින් පරාජය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 281ක් රැස් කිරීමට සමත් විය.
ජොර්ජ් ඩොක්රල් නොදැවී ලකුණු 91ක් ලබා ගත්තේය.
බිලාල් ඛාන් සහ ෆයාස් බට් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.
ජයග්‍රාහී ලකුණු 282 කඩුලු 5ක් පමණක් දැවී පසුකර යෑමට ඕමාන ක්‍රීඩකයින් සමත් වූණේ පන්දු 11ක් ඉතිරිව තිබියදීයි.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කශ්‍යප් ප්‍රජාපතී ලකුණු 72ක් ලබා ගත්තේය.
සීෂාන් මක්සූඩ් සහ අකීබ් ඉල්ලියාස් අර්ධ ශතක රැස් කරමින් ඕමාන ජයග්‍රහණයට මං පෙත් විවර කළහ.
ජොස් ලිට්ල් සහ මාර්ක් ඇඩායර් කඩුලු 2 බැගින් දවා ගනිද්දී සිය මංගල තරගයට ක්‍රීඩා කළ බෙන් වයිට්ගේ පන්දුවාර 8ක් තුල ලකුණු 59ක් උදුරා ගන්නට ඕමාන පිතිකරුවන් සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart