
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් වැඩතහනමට ලක්කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපියකින්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු බව කියන, රවී කුමුදේශ් වෙත මෙම වැඩතහනමට ලක්කිරීම සම්බන්ධයෙන් ද දැනුම් දී ඇත.
එම ලිපියේ සඳහන් වන්නේ, ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාරයේ කාර්මික විද්‍යාඥ වශයෙන් සේවය කරමින් සිටියදී දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකමක් නොමැති රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියකු වශයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි කටයුතු කිරීමෙන් තොරව 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙකු ලෙස ඔහු තරඟ කර ඇති බවයි.
මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අපේක්ෂකයකු ලෙස නාමයෝජනා අත්සන් කරන ලද 2024.10.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රාජකාරි වැඩ තහනම් කරන බව එම ලිපියෙන් දැනුම් දී තිබේ.
ඊට අදාළ විධිමත් විනය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත්, වැඩ තහනමට් ලක්ව සිටින කාලයේදී වැටුම් ගෙවීමක් සිදු නොකරන බවත්, එම කාලය තුළ රටින් පිට නොවිය යුතු බවත්, පදිංචි ලිපිනය වෙනස් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ යුතු බවත්, ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම වැඩතහනමට ලක්ව සිටින කාලය තුළ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන සාමාන්‍ය අනුග්‍රහය ද රවී කුමුදේෂ්ට අහිමි වන බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart