
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති සමාව යටතේ අනවසරයෙන් රැඳවියන් මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ.
ජනමාධ්‍ය වාර්තා අනුව, ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා රාත්‍රියේ ද පැය පහක කාලයක් ප්‍රශ්න කර ඇති අතර තුෂාර උපුල්දෙණියගෙන් ඊයේ ප්‍රශ්න කිරීම එහි දෙවැනි වටය බව එම වාර්තා පෙන්වාදෙයි.
ඇතැම් සිරකරුවන් නීතිවිරෝධී ලෙස නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව අවභාවිත කළ බවට ජනාධිපති ලේකම් කාර්යාලය ගොනු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකෙරේ.
මේ අතර ජනාධිපති සමාව මුවාවෙන් රැඳවියකු අනවසරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අදාළ බන්ධනාගාර අධිකාරීවරයා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම මතභේදාතමක මුදාහැරීමට අදාළ රැඳවියා ඩබ්ලිව්.එච්. අතුල තිලකරත්න නමැත්තකු වන අතර වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදුන් ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවූ බව පවසමින් ඔහු නිදහස් කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, එම පුද්ගලයාට එවැනි සමාවක් නිකුත් කර නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය පසුව තහවුරු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විධිමත් පැමිණිල්ලක් කරමිනි.
මීට පෙරද නිසි අවසරයකින් තොරව රැඳවියන් නිදහස් කළ අවස්ථා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.
එවැනි ක්‍රියා සඳහා වගකිවයුත්තන්ට එරෙහිව රජය දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart