
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවලපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක කොන්දොස්තරවරයකුට තරුණයන් දෙදෙනෙකු විසින් පහර දී තිබේ.
මෙම තරණයන් එහි සිටි මවක සහ දියණියක ඇතුළු තරුණියන් කිහිප දෙනෙකුට හිරිහැර කළ බව කියනු ලැබේ.
මෙම සිදුවීම ඊයේ උදෑසන 9:30ට පමණ කඩවත කිරිල්ලවල අධිවේගී මාර්ග පිවිසුමේ රථවාහන ආලෝක සංඥා අසලදී සිදු විය.
සැකකරුවන් දෙදෙනා අතරමැදින් බස් රථයට ගොඩ වූවන් බව වාර්තා විය.
පිටුපස හිස් ආසන තිබුණද, ඔවුන් තරුණ කාන්තාවන් අසල වාඩි වී නුසුදුසු ලෙස ස්පර්ශ කිරීමට උත්සාහ කළ බව වාර්තා වේ.
කාන්තාවන් වෙනත් ආසන වෙත ගිය නමුත්, සැකකරුවන් දිගටම අනෙකුත් කාන්තාවන්ට හිරිහැර කර ඇත.
මොවුන් දෙදෙනාගේ හැසිරීම මගීන් සහ බස් කොන්දොස්තරවරයාගේ අවධානයට ලක් වූ අතර, ඔවුන් ඊට මැදිහත් වී තිබේ.
පසුව සැකකරුවන්ගෙන් එක් අයෙකු පිහියක් එල්ල කර කොන්දොස්තරවරයාට පහර දීමට උත්සාහ කළ බව කියනු ලැබේ.
කිරිල්ලවල රථවාහන ආලෝක සංඥා අසලදී බස් රථය නතර වූ විට ආරවුල උත්සන්න වී ඇත.
තිදෙනාම වාහනයෙන් බැස ගිය අතර, සැකකරුවන් මාර්ගය අයිනේ තිබූ ලී කණුවක් කඩා කොන්දොස්තරවරයාට පහර දීමට එය භාවිත කළ බව වාර්තා වේ.
පසුව ප්රදේශවාසීන් සහ බස් මගීන් පලා යන සැකකරුවන් ලුහුබැඳ ගොස් අවසානයේ අසල කුඹුරකදී අල්ලා ගන්නා ලදී.
ඔවුන් සැකකරුවන්ට පහර දී, රඳවා තබාගෙන කඩවත පොලිසියට භාර දී තිබේ.
තුවාල ලැබූ කොන්දොස්තර රෝහල් ගතකර ඇති අතර, බස් රථ රියදුරු විධිමත් පැමිණිල්ලක් ගොනු කර ඇත.
සැකකරුවන් දෙදෙනා මහර මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart