
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රජයෙන් මුදල් සොරකම් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් 2021 දී දඬුවම් ලැබූ ව්‍යාපාරිකයකු සහ දේශපාලන අරමුදල් රැස්කරන්නකු වන ඉමාඩ් සුබේරිගේ වසර 12ක සිර දඬුවම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සම්පූර්ණයෙන්ම ලිහිල් කර තිබේ.
ඉහළ මට්ටමේ එක්සත් ජනපද රජයේ නිලධාරීන්ට බලපෑම් කරමින් විදේශීය නියෝජිතයකු ලෙස තම කාර්යය සඟවා ගැනීම සඳහා වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම, ඩොලර් මිලියන ගණනක බදු ගෙවීම මග හැරීම, නීති විරෝධී මැතිවරණ ප්රචාරක දායකත්වයන් ලබා දීම සහ ජනාධිපති පදවි ප්රාප්ති කමිටුවකට පරිත්‍යාග මූලාශ්‍රය පිළිබඳ ෆෙඩරල් පරීක්ෂණයකට බාධා කිරීම යන චෝදනාවලට ද සුබේරි වරදකරු විය.
2025 මැයි 22 වැනි දින, ජනාධිපති ට්‍රම්ප් ‘විධායක සමාව දීමේ ප්‍රදානයක්’ නිකුත් කළ අතර එමඟින් සුබේරිගේ සම්පූර්ණ සිර දඬුවම ‘දඩ මුදල්, වන්දි ගෙවීම, පරිවාස කාලය හෝ වෙනත් කොන්දේසි නොමැතිව ගෙවන ලද කාලය’ බවට වහාම මාරු කරන ලදී.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව (ඔහුට දඬුවම් නියම වූ පසු 2021 දී නිකුත් කරන ලද), සුබේරි වරදකරු කරන ලද එක් වරදක් වූයේ යුද්ධය අවසන් වීමෙන් පසු රටේ ප්‍රතිරූපය පුනරුත්ථාපනය කිරීම සඳහා 2014 දී ඔහුව බඳවා ගත් ශ්‍රී ලංකා රජයෙන් ඔහු අය කළ ගාස්තු සාක්කුවේ දමා ගැනීමයි.
“බා ගැනීමේ උත්සාහයන්, නීතිමය වියදම් සහ මාධ්‍ය මිලදී ගැනීම් සඳහා සැළකිව යුතු වියදම් කිරීමට සුබේරි පොරොන්දු වූ අතර, එමඟින් 2014 දී මාස හයක කාලය තුළ සුබේරිට ඩොලර් මිලියන 8.5ක් ගෙවීමට ශ්‍රී ලංකාව එකඟ විය,” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් විය.
“ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 3.5ක මූලික ගෙවීමක් කර දින කිහිපයකට පසු, සුබේරි ඔහුගේ පෞද්ගලික තැරැව්කාර ගිණුම්වලට ඩොලර් මිලියන 1.6ක් මාරු කළ අතර දේපළ වෙළඳාම් මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 1.5ක් භාවිත කළේය. සමස්තයක් වශයෙන්, කොන්ත්‍රාත්තුවට අනුව ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 6.5ක් ලබා ගත් අතර, සුබේරි එම මුදලින් ඩොලර් මිලියන 5.65කට වඩා වැඩි ප්‍රමාණයක් තමාගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රයෝජනය සඳහා භාවිත කළේය, ”යනුවෙන් එම ප්රකාශනයේ තවදුරටත් සඳහන් විය.
“සුබේරි ලොබිකරුවන්, මහජන සම්බන්ධතා සමාගම් සහ නීති සමාගම්වලට ඩොලර් 850,000කට වඩා අඩු මුදලක් ගෙවා ඇති අතර, ශ්‍රී ලංකාව ඉන්වොයිසි ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් ලබා දී නොමැති බවට බොරු ප්‍රකාශ මත පදනම්ව ඇතැම් උප කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම ප්‍රතික්ෂේප කළේය,” යනුවෙන් නීති දෙපාර්තමේන්තුව පැවසීය.
2014-2015 දී, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකා රජය, ලොබිකරුවකු යැයි කියාගත් සුබේරි සම්බන්ධ කර ගත් ආකාරය මාධ්‍ය මගින් හෙළිකර තිබිණි.
අධීක්ෂණය මග හැරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මඟ හැර ඔහුගේ ගෙවීම් සිදු කරන ලදී.
2016 දී ඔහුගේ පළමු මැතිවරණ ජයග්රහණයෙන් පසු සුබේරි ට්‍රම්ප්ගේ ප්‍රධාන පරිත්‍යාගශීලියකු බවට පත් වූ බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart