
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එලොන් මස්ක්ගේ චන්ද්‍රිකා අන්තර්ජාල සේවා සපයන ස්ටාර්ලින්ක්, නීතිමය සහ පරිශීලක ප්‍රතිපත්ති පැහැදිලි කිරීම් තහවුරු කිරීමෙන් පසුවමෙරට ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ.
ස්ටාර්ලින්ක් සාම්ප්‍රදායික චන්ද්‍රිකා සේවාවන්ට වඩා අඩු ප්‍රමාදයක් සහිත වේගවත් අන්තර්ජාල වේගයක් ලබා දෙන අතර, භූමි පාදක යටිතල පහසුකම් ඔස්සේ සීමිත දුරස්ථ ප්‍රදේශවල පරිශීලකයින් සම්බන්ධ කිරීමේ හැකියාව ද ලබා දෙයි.
මෙයින් අදහස් කරන්නේ දේශීය විදුලි සංදේශ සමාගම් තවමත් ආයෝජනය කර නොමැති ග්‍රාමීය ප්‍රදේශවලට වැඩි අන්තර්ජාල සේවා ලබාගහත හැකි බවයි.
නමුත් අධික පිරිවැය ඊට බාධකයක් විය හැකිය.
ස්ටාර්ලින්ක් වෙබ් අඩවියට අනුව, නේවාසික පරිශීලකයන් අසීමිත දත්ත සඳහා මාසිකව රු. 15,000ක දායකත්වයකට අමතරව රු. 118,000ක එක් වරක් ගෙවන දෘඩාංග ගාස්තුවකට යටත් වේ.
2024 මැයි මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්ටාර්ලින්ක් හි පැමිණීම ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ විට ජාතික ජන බලවේගය වෙතින් එල්ල වූ දැඩි විරෝධය නොතකා වත්මන් අනුමැතීන් පැමිණේ.
“ක්‍රියාත්මක කිරීම සහ උපාංග ආනයනය කිරීම සඳහා අවශ්‍ය සියලුම බලපත්‍ර අනුමැති අපි එයට ලබා දී ඇති නිසා දැන් එය උපකරණ එනතෙක් බලා සිටීම පමණයි ඉතිරි,” නියෝජ්‍ය ඩිජිටල් ආර්ථික අමාත්‍ය එරංග වීරරත්න සිකුරාදා සඳහන් කළේය.
උපකරණ නිෂ්කාශනයට භාවිත නියමයන්, පැමිණිලි හැසිරවීමේ යාන්ත්‍රණයන්, පාරිභෝගික ආරක්ෂාව සහ ජාලය හරහා සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබඳ රජයේ පරීක්ෂාව ඇතුළත් වේ.
සමාගමට මෙහෙයුම් ආරම්භ කළ හැකි වුවද, සැකසීමට අවශ්‍ය උපාංග සහ උපකරණ ආනයනය කිරීමේ ප්‍රමාදයක් ඔවුන්ට දැනුම් දී ඇති බව ඔහු පැවසීය.
කෙසේවෙතත්, ගෘහස්ථ අන්තර්ජාල භාවිතය සඳහා පිරිවැය ඉතා ඉහළ බව ඇතැමුන්ගේ මතයයි.
“අසීමිත හා වේගවත් දත්ත පිළිබඳ අදහස ආකර්ෂණීයයි, නමුත් ජාල සේවා ඒ ආකාරයෙන් භාවිත නොකරන නිසා එතරම් මුදලක් වියදම් කිරීම සාධාරණීකරණය කළ නොහැකියි,” යන්න ඇතැමුන්ගේ අදහසයි.
සමහරු කියා සිටියේ, දැනට විදුලි සංදේශ ජාලවල රජයේ දත්ත සහ සම්බන්ධතාවට බාධා කිරීමට ඉඩ සලසන පරිශීලක ප්‍රතිපත්ති ඇති බැවින්, පරිශීලක රහස්‍යතා තොරතුරු තහවුරු කිරීම සඳහා ඔවුන් බලා සිටි බවයි.
ඔවුන්ගේ වෙබ් අඩවියේ දැනට ශ්‍රී ලංකාව සඳහා නීතිමය සහ රහස්‍යතා ප්‍රතිපත්තියක් නොමැත.
යෝජනාව ආරම්භ කළ හිටපු ජනාධිපති වික්‍රමසිංහ, 2024 මැයි මාසයේදී 10 වැනි ලෝක ජල සංසදයේ ඉහළ මට්ටමේ රැස්වීමක් සඳහා බාලි වෙත සිදුකළ දෙදින නිල සංචාරයකදී එලොන් මස්ක් වෙත මුලින්ම ආරාධනය සිදුකර තිබිණි.
ඒ අවස්ථාවේ දී, එවකට විපක්ෂයේ මන්ත්‍රී හඳුන්නෙත්ති ජනාධිපති වික්‍රමසිංහට චෝදනා කළේ එලොන් මස්ක් වැනි ‘ආර්ථික ඝාතකයන්ට’ දොර විවෘත කළ බවයි.
පසුව ඔහු සමාව අයැද සිටියේ තමා වැරදි ලෙස උපුටා දක්වා ඇති බව පවසමිනි.
එමෙන්ම දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික මැදිහත්වීම් සහ විනයක් නොමැතිකම සහ නීතියේ ආධිපත්‍යය හේතුවෙන් ගෝලීය ආයෝජකයන් බොහෝ විට ශ්‍රී ලංකාව මඟහරින ආකාරය ඉස්මතු කිරීමට තම ප්‍රකාශයේ අරමුණ වූ බව පැහැදිලි කළේය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මුලින් 2024 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සඳහා ස්ටාර්ලින්ක් මෙහෙයුම් අනුමත කළ නමුත් දත්ත අන්තර්ග්‍රහණය හේතුවෙන් පැන නගින ජාතික ආරක්ෂක ගැටලු සළකා බැලීම සඳහා එය පසුව නතර කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart