
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයනය කර සිදු කරන වෙළඳාමට සාපේක්ෂව මේ මොහොතේ වැදගත් වන්නේ නිෂ්පාදනය කර අපනයනය කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එය පහසු කාර්යයක් නොවන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට වාහන ආනයනය වෙනුවෙන් සිදු කරන පෙළඹවීම අපනයනය සඳහා ද ලබා දෙන්නේ නම් එය ලංකාවට විශාල සහනයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මේ වනවිට මෙරට අපනයනකරුවන් බදු ගැටලුවකට මුහුණ දීම හමුවේ දැඩි අසීරුතාවකට මුහුණ පා සිටින බවයි.
එබැවින් රජය සිදු කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එම ගැටලු සඳහා ක්ෂණික පිළිතුරු ලබා ගැනීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ වරාය නගරය සම්බන්ධයෙන් ද රජය ඍජු ප්රතිපත්තියක සිට කටයුතු කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart