
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ මොහොතේ රජය සිදු කළ යුත්තේ අපනයන වර්ධනය කර ගැනීමට සහය වන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ ඔස්සේ ආයෝජකයින් රටට ගෙන්වා ගත යුතු බවත්, ඔවුන්ට දිරි ගැන්වීම් ලබා දීමට සහය දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ආනයන සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති නමුත් අපනයන සඳහා බාධා එල්ල කිරීමෙන් වැළකී ඒ සඳහා සහය ලබා ගනිමින් එම අංශය වර්ධනය කර ගැනීම රජයේ වගකීම බවයි.
2028 වසරේ සිට ශ්‍රී ලංකාව බාහිර ණය හිමියන්ගේ ණය ගෙවීම ආරම්භ කළ යුතු බැවින් අපනයනය ඔස්සේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට රජය පියවර ගත යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ ණය සහනය අවසන් වීමට පෙර මෙම ගැටලුවලට විසඳුම් සොයා ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart