June 6, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම යෝජනා කරන පනත් කෙටුම්පතක් ඉදිරි කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

මෙම පනත් කෙටුම්පත දැනටමත් සකස් කර ඇති බවත්, ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

වරප්‍රසාද අඩුකිරීමේ තවත් පියවරක් ලෙස, මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීමද අත්හිටුවා ඇති බවද ඔහු සඳහන් කර තිබේ.