June 6, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මාතර මහ රෝහලේ දී මෑතකදී 400 දෙනෙකුට අක්ෂි කාච සැත්කම් සිදුකර තිබේ.

විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම සැත්කම් සංවිධාන කර තිබිණි.

අක්ෂිදාන සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන ලද මෙම ව්‍යාපෘතියට රෝහලේ අක්ෂි ඒකකය ද දායක විය.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණිගේ ප්‍රධානත්වයෙන් දින දෙකක වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරන ලදී.