June 6, 2025

පසුගිය වසරේ නවසීලන්ත පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමකදී විරෝධතා හකා නර්තනය රඟ දැක්වූ මාඕරි මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එරට මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කර තිබේ.

තම පක්ෂය වන මාඕරි පක්ෂය මතභේදාත්මක පනතකට සහාය දුන්නේ දැයි විමසීමෙන් පසු සාම්ප්‍රදායික නර්තනය ආරම්භ කළ විපක්ෂ මන්ත්‍රී හනා-රවුති මයිපි-ක්ලාක්ට දින හතක තහනමක් ලැබී තිබේ.

පක්ෂයේ සම නායකයන් වන රවිරි වයිටිටි සහ ඩෙබී නගරේවා-පැකර් දින 21ක තහනමක් ලැබී ඇත.

විරෝධතා හකා නර්තනය රඟ දැක්වීමට හේතු වූ පනත් කෙටුම්පත මගින් එරට ආරම්භක ගිවිසුම නැවත අර්ථ දැක්වීමට උත්සාහ කර තිබිණි.

එහෙත් එතැන් සිට එය නැවතී තිබේ.

නවසීලන්තය ස්වදේශික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගත් උත්සාහයන් සම්බන්ධයෙ බොහෝ කලක සිට ප්‍රශංසා ලබන නමුත් වත්මන් කොන්සර්වේටිව් රජය යටතේ මෑත වසරවලදී මාඕරි ප්‍රජාව සමඟ එහි සම්බන්ධතාව පිරිහී ඇත.

පසුගිය නොවැම්බරයේදී, නවසීලන්තයේ ක්‍රීඩා ඉසව් සහ උපාධි ප්‍රදානෝත්සවවලදී සිදු කරනු ලබන විරෝධතා නර්තනයක් වන හකා නර්තනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ඔවුන් තිදෙනාගේ වීඩියෝවක් ගෝලීය අවධානය දිනා ගත්තේය.

පසුගිය මාසයේ පාර්ලිමේන්තු කමිටුවක් තීන්දු කළේ මෙම පනත අනෙකුත් නීති සම්පාදකයන් ‘බිය ගැන්වීමට’ හේතු විය හැකි බවයි.

කෙසේවෙතත් මාඕරි මන්ත්‍රීවරුන් තිදෙනාට පැනවූ අත්හිටුවීම් පෙර නොවූ විරූය.

මෙයට පෙර, නවසීලන්ත නීති සම්පාදකයකු සඳහා වූ දීර්ඝතම තහනම වුයේ දින තුනකි.

සභාව දඬුවම් ගැන විවාද කරන අතරතුර මයිපි-ක්ලාක් චිත්තවේගීය කතාවක් පැවැත්වීය.

“අපිව කවදාවත් නිහඬ කරන්න බැහැ, අපි කවදාවත් නැති වෙන්නෙත් නැහැ,” ඇය කඳුළු සඟවාගෙන පැවසුවාය.

“මේ සභාවට අපේ හඬ ඕනෑවට වඩා ඝෝෂාකාරීද – ඒ නිසා ද අපට දඬුවම් කරන්නේ?”

විවාදය අතරතුර, නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ගෙන් ටෙ පැටි මාඕරි ‘අන්තවාදීන් පිරිසක්’ ලෙසත් ‘රටට ඔවුන් ඇති වී’ ඇති බවත් හැඳින්වීමෙන් පසු ඒ පිළිබඳ සමාව අයැද සිටින ලෙස ඉල්ලීමක් කෙරිණි.

මාඕරි පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 123න් 6ක් හිමිකර ගෙන සිටී.

මාඕරි ජනතාව සමඟ නවසීලන්තයේ ආරම්භක ගිවිසුම නැවත අර්ථ දැක්වීමට උත්සාහ කළ ගිවිසුම් මූලධර්ම පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී ඡන්ද 112 කින් 11ට ඡන්දය ප්‍රකාශ කරන ලදී.

දින කිහිපයකට පසුව රජයේ කමිටුවක් එය ඉදිරියට නොයා යුතු බවට නිර්දේශ කළේය.