June 5, 2025

කොළඹ නෙළුම් කුළුණේ බිම් මහලේ වෙළඳසැළක හිමිකරුවෙකුට රුපියල් 100,000ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර තිබේ.

උපරිම සිල්ලර මිල වන රුපියල් 80ට වඩා වැඩි මිලකට පානීය ජල බෝතලයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම දඩය නියම කර ඇත.

ලැබුණු පැමිණිල්ලක් මත පදනම්ව පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද වැටළීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු MRP නියාමනය උල්ලංඝනය කරමින් රුපියල් 80 ක මිලකට නියම කර ඇති මිලිලීටර් 500 ක බෝතල් කළ පානීය ජලය රුපියල් 150 කට අලෙවි කර ඇති බව නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නේය.

පාරිභෝගිකයන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් රජයේ පාලිත මිලට වඩා බෝතල් කළ ජලය විකිණීම නිල වශයෙන් තහනම් කර ඇති බව ඔවුහු තවදුරටත් පැවසූහ.