
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන ජූලි 01 වැනිදා සිට කොන්දොස්තරවරුන් නොමැති බස් ප්‍රවාහන සේවාවක් හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශය පවසන්නේ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමැතිවරයා සඳහන් කරන්නේ, නව යාන්ත්‍රණයත් සමඟ කොන්දොස්තරවරුන් විසින් ආදායම් කොල්ලකෑම මෙන්ම බස් රථවල මෙහෙයුම් වියදම්ද නවතා දැමීමට ලංගම අපේක්ෂා කරන බවයි.
“අපි මුලින්ම නියමු ව්‍යාපෘතියක් ලෙස ජුලි 01 වැනිදා සිට සියලුම අධිවේගී මාර්ගවල කොන්දොස්තරවරුන් නොමැතිව ලංගම බස් ධාවනය කරනවා. එය සාර්ථකවීමත් සමඟ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කරන රියදුරු සමඟ පමණක් දිවයින පුරා සියලුම ලංගම බස් රථ ධාවනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
(Dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart