
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකර ඇති ත්‍රිරෝද රථ අංශය, පොදු ප්‍රවාහන ජාලයේ කොටසක් ලෙස විධිමත්ව පිළිගැනීම සඳහා ජාතික ප්‍රවාහන කොමිෂන් සභා (NTC) පනත සංශෝධන මගින් නව මාර්ගෝපදේශ සහ නියාමන පියවර හඳුන්වාදීමට නියමිතය.
සංශෝධිත පනතේ දෙවැනිවර කියැවීම මෙම සතියේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභා අධ්යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන පවසයි.
වසර ගණනාවක් තිස්සේ, ත්‍රිරෝද රථ රට පුරා මිලියන ගණනකට දැරිය හැකි, නම්‍යශීලී සහ පහසුව ලබාදෙන තීරණාත්මක ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සේවයේ යෙදී තිබේ.
ත්‍රිරෝද රථ මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන මෙම අංශය, මිලියන පහකට අධික පිරිසකට සෘජු හා වක්‍ර රැකියා සපයයි.
එහෙත් මේ දක්වා එය ජාතික මට්ටමින් බොහෝදුරට නියාමනයකින් තොරව පවතී.
මෙම නව පියවර, නියාමනය ගැන පමණක් නොව, ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආර්ථික හා සමාජීය දායකත්වය පිළිබඳ විධිමත් පිළිගැනීමක් වේ.
රජයේ අරමුණ වන්නේ, මගීන්ට ආරක්ෂිත සහ විශ්වාසදායක සේවාවක් ලබාදෙන බව සහතික කිරීම සහ ත්‍රිරෝද රථ රියැදුරන්ට නිල වශයෙන් පිළිගත් කර්මාන්තයක කොටසක් වීමේ ගෞරවය ලබාදීමයි.
නව අධිකාරියක් පිහිටුවීම වෙනුවට, ජාතික ප්‍රවාහන කොමිෂන් සභා පනත යටතේ නිර්මාණය කරන ලද රාමුවෙන් මඟපෙන්වනු ලබන, පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරීන් හරහා රජය නව නීති ක්‍රියාත්මක කරනු ඇති බවත්, ඇය පැවසුවාය.
ත්‍රිරෝද රථ මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා පළාත් නිලධාරීන්ට බලය පවරන නීති සහ මාර්ගෝපදේශ හඳුන්වාදීමට නියමිත බවත්, වසර ගණනාවකට පෙර, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ත්‍රිරෝද රථ අධිකාරියක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 600ක අයවැය ප්රතිපාදනයක් වෙන්කළද, එම අධිකාරිය කිසි විටෙකත් නිර්මාණය කර නොතිබුණු බවත්, එම යෝජනා ක්රමයන් දැන් මෙම පුළුල් ජාතික නියාමන ප්‍රවේශය හරහා ඉටුවෙමින් පවතින බවද ඇය තවදුරටත් සඳහන් කළාය.
2014 නාගරික ප්‍රවාහන සැලැස්මට අනුව, 1999 සහ 2004 අතර කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව හතර ගුණයකින් පමණ වැඩිවී ඇත. එම කාලසීමාව තුළ එය 25,043 සිට 96,650 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇත.
ත්‍රිරෝද රථ ක්‍රියාත්මක වන්නේ පළාත් අභ්‍යන්තර සේවා ලෙස වන අතර, එම නිසා රජය විශ්වාස කරන්නේ, පළාත් මට්ටමේ නියාමන ආකෘතියක් ඔස්සේ ජාතික මාර්ගෝපදේශ මගින් ඉදිරියට යෑම වඩාත් ප්‍රායෝගික හා ඵලදායී මාර්ගය වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart