June 5, 2025

චක්‍රලේඛවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කරගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ, මේ වනවිට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා දේශපාලන මැදිහත්වීම සම්පූර්ණයෙන් නතරකර ඇති බවයි.

එවැනි තත්ත්වයක් තිබියදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරිමේදි ඇතැම් තැන්වල අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබි ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

එවැනි අක්‍රමිකතා ඇත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේය.